May 12, 2024

වාසුදේව වටකරගෙන ජනතාව විරෝධය දක්වයි - ව්‍යාපෘතිය අතහැර වාසු පැනයයි

December 17, 2020

ඇහැළියගොඩ තරාපිටිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අද (17) එම ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එහි පැමිණි අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළහොත් තමන්ට ජල ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
 
විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන්ගේ විරෝධය උත්සන්න වී ඇත.

ප්‍රදේශවාසීන් විරෝධය පළකරමින් පැවසුවේ අදාළ ව්‍යාපෘතිය මගින් තමන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවය.
        
එල්ල වූ විරෝධය හමුවේ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ කටයුතු අත්හැර දැමූ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.

පසුව ඔහුගේ ලේකම්වරයෙකු ට ද ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

Rate this item
(0 votes)