May 05, 2024

රැඳවියන් මිය ගියේ වෙඩි වැදිලා නෙමේ - ඒ අය අතර සිදු වූ ගැටුම් වලින් : නව බන්ධනාගාර ඇමති

December 03, 2020

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි වැදීමෙන් මිය නොගිය බව බන්ධනාගාර කටයුතු පිළිබඳ නව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී.

මියගිය රැඳවියන්ට වෙඩි තබා ඇති මුත් ඔවුන් මියගොස් තිබෙන්නේ වෙඩි වැදීමෙන් නොව ඔවුන් අතර සිදු වූ ගැටුම්වලින් බව මරණ පරීක්ෂණයෙන් ඔප්පු වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරන ලදී.

තමා ඊයේ (2) මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ගිය බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2020 16:18