මහර බන්ධනාගාර රෝහලේ බෙහෙත් පෙති විසිඑක්දහසකට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබුණේ කුමක් නිසාදැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම බෙහෙත් පෙති මත්ද්‍රව්‍ය භාවිත කරන අයකුට යම් ආකාරයක ආදේශකයක් හැටියට භාවිත කළ හැකි බවට කරුණු වාර්තා වී ඇතිද හෙතම පැවසීය.
මේ රෝහලට විශාල බෙහෙත් පෙති ප්‍රමාණයක් ඇනවුම් කළේ කෙසේද යන්න හා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවද විමර්ශකයන්ගේ අවධානය යොමු වී ඇත.
පෙති 21000ක් තිබූ බවට පැතිර යන ප්‍රකාශය සම්බන්ධයෙන් මහර බන්ධනාගාර රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ වසරකට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය එක්වරම ඇනවුම් කරන බවකි. එසේම පෙති 21000ක් ලෙස සඳහන් වුවද බෙහෝ වර්ග නවයක දහයක පමණ එකතුවක් ඇති බවද ඔහු සඳහන් කළේය.
තවද එක් දිනකදී මහර බන්ධනාගාරයෙන් සියයට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගන්නා බවද ඔහු කියා සිටී.
මේ අතර මහර ගැටුමින් 106ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එයින් 80 දෙනකු තුවාල ලබා ඇත්තේ ඔවුනොවුන් අතර ඇති වූ ගැටුම්වලින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
තවම වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණත් 26 දෙනකුට වෙඩි වැදී තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.