May 04, 2024

රට බංකොලොත් - ඉලක්කම් විජ්ජාවලින් ආර්ථිකය ගොඩ දාන්න බැහැ

November 18, 2020

රට මුහුණ දී සිටින සැබෑ ආර්ථික අර්බුධය පිළිබඳව ආණ්ඩුව පාර්ලිමේන්තුවට තොරතුරු හෙළිදරව් කල යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වගන්තියට අනුව මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බැවින් ඒ ගැන දන ගැනීමේ අයිතියක් තමන්ට තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඉලක්කම් විජ්ජාවෙන් ආර්ථිකයක් ගොඩ දැමීමට නොහැකි බවද සඳහන් කරයි.

ආර්ථික බිඳ වැටීම පිළිබඳව ඇත්ත කියන රාජ්‍ය නිලධාරීන්ව සංචිතයට දැමීම පිළියම නොවන බවද රණවක මහතා අවධාරණය කරයි.

විසර්ජන පනත් කෙටුම්පතේ මහ බැංකු වාර්තාවේ හා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කල අයවැය රටේ ආර්ථික තත්වය පිලිබඳ එකිනෙකට පරස්පර ගණන් හිලව් ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පැවති යහපාලන ආණ්ඩුවට නව ලිබරල්වාදී ආර්ථිකයක් ගෙන යාම සම්බන්ධයෙන් එදා චෝදනා එල්ල කල වත්මන් ආණ්ඩුව සැබෑම නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක් ගෙන යන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා 2019 දෙසැම්බර් 01 මේ රටේ මහා ධන කුවේරයන්ට බදු සහන ලබා දෙමින් ආර්ථිකය විනාශ කිරීමේ අඩිතාලම දැමු බවද සඳහන් කරයි.

Rate this item
(0 votes)