April 24, 2024

පාඨලී රට යන්න හදයි - ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය

December 14, 2021

අධිකරණය භාරයේ පවතින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා තාවකාලිකව මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ අද (14) මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වූ පාඨලී චම්පික රණවක මහතාගේ නීතිඥවරු තම සේවාදායකයා පෙබරවාරි මස විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වීසා බලපත්‍ර ලබාගැනීමට දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය භාරයේ පවතින චම්පික රණවක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහැරීමට නියෝග කළා.

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට පත්කිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට අදාළව චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක දී ඔහුට ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.

Rate this item
(1 Vote)