April 24, 2024

IOC කරන්නේ තනිකර වංචාවක්: පාඨලී චම්පික හේතු සමග කියයි

ඛනිජ තෙල් නීතිගත පනතට අනුව ඉන්දීය තෙල් සමාගමට (IOC) හිතුමනාපෙට තෙල් මිල වැඩි කළ නොහැකි බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකුද වන ඔහු සදහන් කරන්නේ අදාල පනතට අනුව මුදල් ඇමතිවරයාගේ හා ඛනිජ තෙල් ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව IOC සමාගමට තෙල් මිල ගණන් වැඩි කළ නොහැකි බවයි.

පට්ටපල් බොරුව

ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවට IOC සමාගමේ නිලධාරීන් කියන්නේ පට්ටපල් බොරුවක් බවත් ඔහු අනාවරණය කරනවා.

පාලනයකින් තොරව මේ ආකාරයට තෙල් මිල ගණන් වැඩි කිරීමට ඉඩ දුන්නොත් පෝලිමේ සිටවත් රටේ ජනතාවට තෙල් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වන බවට මන්ත්‍රීවරයා අනතුරු අඟවනවා.

රණවක මහතා එම අනතුරු ඇඟවීම කරන්නේ තවත් විශේෂ කරුණක් හෙළිදරව් කරමින්.

සහන මිලට තෙල්

ඒ රුසියාවෙන් ඉන්දියාවට ඉතා සහන මිලට තෙල් ලැබෙන බවට.

එහෙත් රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහල යන බව සදහන් කරමින් IOC සමාගම දෙරට තෙල් අලවියෙන් උපරිම ලාභ ලබන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2022 06:39