May 09, 2024

ජල බිල්පත් ගෙවීම ගැන ඇමති වාසුගෙන් උපදෙස්

November 08, 2020

නිරෝධායන ඇඳිරිනීතිය හෝ වසා දැමුණු ප්‍රදේශවල ජල පාරිභෝගිකයින්ට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි. 

"වතුර බිල්පත් වෙනදා වගේම ගෙවන්න ඕනේ. ගෙවන්න බැරි නිරෝධායනය වූ පවුලක් වේවා, වසා දැමූ ප්‍රදේශයක ජීවත්වෙන අයට තමන්ට ඒවා ගෙවිය හැකි දවසක ගෙවීමට අවකාශය තියෙනවා." යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් කොවිඩ් - 19 වෛරස පාලනය සඳහා ආණ්ඩුවට පමණක් වගකීම භාරගෙන කටයුතු කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 November 2020 20:40