May 19, 2024

යුද හමුදාපති ඇඳිරි නීතිය සදුදා දින දක්වා පමණක් කීවත් පළාතේ ජනතාව දින 14 කටම ලෑස්ති වෙයි

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සදුදා (02) උදෑසන 5.00 දක්වා පමණක් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බව කොවිඩ් 19 මර්ධන ඒකකයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවද පළාතේ ජනතාව දින 14ක ඇඳිරි නීතියකට මුහුණ දීමට සූදානම් වෙමින් සිටියි.

අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ද්‍රව්‍ය හා අනිකුත් භාණ්ඩ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ ඊයේ සිටම වෙළඳසැල්වලින් මිලදී ගැනීමට ජනතාව කටයුතු කරමින් සිටිනු දක්නට ලැබිණි.

ඇති හැකි අය දින 14කටම සූදානම් වෙද්දී එදිනෙදා ආදායම් උපයන්නන් ඉදිරි දින 3, 4ට මුහුණ දීම සඳහා සූදානම් වීම ද විශේෂත්වයකි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 29 October 2020 11:43