May 19, 2024

රටේ ඕනෑම තැනකින් කොවිඩ් මතු වෙන්න පුළුවන් - යුධ හමුදාපති අනතුරු අඟවයි (VIDEO)

මුළු ලංකාවේ ඕනෑම මොහොතක කොවිඩ් ආසාදනය වීමේ අවධානමක් තිබෙන බව කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි යුධ හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් 19 යලි මෙරටට පැමිණෙන්නේ නැති බවට මහජනතාව තුල අධි තක්සේරුවක් තිබු බව ද යුධහමුදාපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා තමාට ලබා දුන් වගකීම තමන් අකුරටම ඉටු කර ඇති බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

යුධ හමුදාපතිවරයා මෙම අදහස් පළ කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 15:57