May 20, 2024

අනවශ්‍ය ගමන්බිමන්වලින් වළකින්න - රජයෙන් ජනතාවට දැනුම් දීමක්

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ හේතුවෙන් ජනතාව වැඩි අවධානයක් යොමුකර අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකී සිටීම වැදගත් බව ඔහු සඳහන් කළේය.

වඩාත් සැළකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ද ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19රෝගය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම  ඇය  IDH රෝහලට ඇතුළත් කර තිබේ.

Rate this item
(0 votes)