May 19, 2024

රවී සහ ඇලෝසියස්ගේ නිවෙස් රහස් පොලීස් සෝදිසියට - අත්අඩංගුවට ගන්න විශේෂ කණ්ඩායම් දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සහ පර්පෙචුවල් ටේ‍රෂරීස් ලිමිටඩ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ නිවෙස් වෙත අද(08) උදෑසන ගොස් තිබේ.

කෙසේ වෙතත් රහස් පොලීසියට ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ටේ‍රෂරීස් ලිමිටඞ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

Rate this item
(0 votes)

Related items