May 18, 2024

දුම්රියට ගැසූ ගල් පහරකින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු මරුට

දුම්රියෙන් ගමන් කරමින් සිටියදී පිටතින් එල්ල වූ ගලක් වැදී බරපතල තුවාල ලැබ රෝහල් ගතකර සිටි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා දින 05ක් තිස්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඔහු රාජකාරි කටයුත්තක් සඳහා පසුගිය 03වනදා කොළඹ සිට අනුරාධපුරය වෙත දුම්රියෙන් පැමිණෙමින් සිටියදී වනවාසල සහ කැළණිය දුම්රිය ස්ථාන අතරදී මෙම ගල් ප්‍රහාරයට ලක්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 August 2016 10:30