May 18, 2024

නිවසේදී ප්‍රසූත කළ දරුවා වැසිකිළි වලට දැමූ මව අත්අඩංගුවට (PHOTOS)

උපත ලද අවස්ථාවේදීම තම කිරිකැටි දරුවා ඝාතනය කර නිවස පිටුපස වැසිකිළිවලකට දැමූ බව කියන 32 හැවිරිදි දෙදරු මවක් පේරාදෙණිය පොලිසිය විසින් අද (14) දින අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 12ක සහ 08ක දරුවන් දෙදෙනෙකු සිටින මෙම මව තමන්ට දරුවකු ලැබීමට සිටින බව සැමියාට සහ නිවැසියන්ට මෙන්ම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවට ද වසන්කර තිබෙන බව පොලීසිය ප්‍රකාශ කරයි.

බස් හිමියකු වන සැමියා යාපනය ප්‍රදේශයේ කුලී ගමනක් ගොස් සිටියදී මෙම කාන්තාව ඉකුත් 11වනදා නිවසේ දී දරුවා බිහිකර වැසිකිලිවලට දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගත් කාන්තාව අධික රුධිර වහනය හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රසූතියේ දී දරුවා මියගොස් සිටි බැවින් මළ සිරුර වැසිකිළිවලට දැමූ බව ඇය පොලීසියට පවසා තිබේ.

උදරය ඉදිරියට නෙරා ඒම සම්බන්ධයෙන් නිවැසියන් කරුණු විමසූ අවස්ථාවන්වල ග්‍රැස්ට්‍රයිටීස් හේතුවෙන් එසේ වී ඇති බව පවසමින් ඒ සඳහා ඖෂධ පානය කර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.

පොලීසිය සැක පළ කරන්නේ ඇගේ අනියම් සම්බන්ධයක් හේතුවෙන් මෙම දරුවා ඇයට ලැබෙන්නට ඇති බවයි.

මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා ඉදිරියේ අද දින එම බිළිඳු මළ සිරුර ගොඩගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතය.

ඡායාරූප පහතින්.

4c9ef043-3ff7-4f43-b811-205c1040a59f

7bb8083a-5541-42f0-bccb-53f9b360bdb1

d4f229d1-5c5c-4d1a-bf03-0ce18375dce9

මහනුවර - කමල් සුරවීර

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 July 2016 16:26