May 18, 2024

මඩකලපුව ත්‍රිත්ව ඝාතනයේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග (VIDEO)

මඩකළපුව, වෙල්ලාවලි ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

ඒ අනුව අද (26) දින කලවංචිකුඩි අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු හෙට (27) දිනය දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් වෙල්ලාවලි පොලිසියට අවසර ලබා දී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක්, ඇගේ වයස අවරුදු එකහමාරක දියණිය සහ එම කාන්තාවගේ 56 හැවිරිදි පියාය.

පසුගිය ඉරිදා අළුයම් කාලයේ දී ඔවුන් පදිංචිව සිටි නිවස අසල ළිඳක තිබී මොවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වෙල්ලාවලී පොලීසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා බව වාර්තා වේ.

සැකකරු එම කාන්තාව හැරගොස් සිට ඇති අතර නඩත්තු මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මෙම ඝාතනවලට හේතුවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

වීඩියෝව පහතින්

මඩකලපුව - ජවුෆර්ඛාන්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 15:18