May 13, 2024

අනියම් පෙමක් නිසා මවක් හා දියණියක් කපා කොටා ඝාතනය කරයි

ඊයේ (12) රත්නපුර, වේවැල්වත්ත ගුරුබැවිලගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් සහ දැරියක් කිසියම් පුද්ගලයෙකු විසින් ඝාතනය කර තිබේ.‍

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තියුණු ආයුධයකින් කපා කොටා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලෙච්චමන් ශෂිකලා නමැති 37 හැවිරිදි මවක් හා සුවේන්ද්‍රන් සංජීවනී නමැති 13 හැවිරිදි දැරියකි.

මොවුන් දෙදෙනා නිවසේ සිටිය දී මෙම ඝාතනය සිදුව ඇති අතර ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) දින සිදුකිරීමට නියමිතය.

කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

වේවැල්වත්ත පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 July 2016 10:16