May 18, 2024

රෝගයක් නිසා සබරගමු සරසවිය වසා දමයි

මේ දිනවල පැතිරෙමින් පවතින උණ රෝගයක් හේතුවෙන් සබරගමුව සරසවිය අද (08) සිට ලබන 20 වැනි දා දක්වා වසා දැමීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 

මීට පෙර සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු හා දෙවැනි වසරට නිවාඩු ලබාදී තිබූ අතර පසුගිය බදාදා දින වන විට කෘෂි විද්‍යා පීඨයේ සියලුම සිසුන් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමුණි.

යළිත් කෘෂි පීඨයේ අධ්‍යනය කටයුතු 11 වැනි දා ආරම්භ වීමට නියමිතව තිබුණත් සියලුම පීඨයන්ට 08 වැනි දා සිට විවේක නිවාඩු ලබාදී තිබේ.  

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රි ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති එච්.එස්.ආර්. රොසයිරෝ මහතා ප්‍රකාශ කළේ නේවාසිකාගාරවල සිසුන් අතර උණ රෝගය පාලනය කිරීම, නේවාසිකාගාර පිරිසිදු කිරීම, ජලය පරීක්ෂා කිරිම, රෝගය පැතිරයාම වැළැක්වීමට ආරක්ෂිත පියවරයන් යෙදීම යනාදී කාරණා හේතුවෙන් සිසුන්ට විවේක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙන බවයි.

මේ අනුව එම විශ්වවිද්‍යාලයේ සිසුන්ට මෙම මස 08 වැනිදා සිට ලබන 20 වැනිදා දක්වා අධ්‍යනය කටයුතු සිදු නොකෙරෙන බවත් සියලුම සිසුන් හෙට (09) පස්වරු 06.00ට පෙර විශ්වවිද්‍යාලයෙන් ඉවත් විය යුතු බවටත් නිවේදනය කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 July 2016 12:45