May 18, 2024

ලසන්තගේ රියදුරු හමුදා සැරයන්වරයා හඳුනාගනී (VIDEO)

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා ඊයේ (27) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහු හඳුනාගැනීමට ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියදුරුට හැකිවී තිබේ.

ඊයේ දිනයේ දී මෙම හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේදීය.

ඒ අනුව ලසන්ත මහතාගේ ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරුට තර්ජනය කළ බව පැවසෙන අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයා රියදුරු විසින් හඳුනා ගැනීමට සමත්වූ බව ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අතුල එස්.රණගල මහතා ප්‍රකාශ කළේය.‍

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි නිලධාරීන් උපරිම විනිවිදභාවයකින් එය සිදුකරන බව මේ වන විට පැහැදිලි වී ඇති බව ද ඒ මහතා ‍ කියා සිටියේය.

ඒ අනුව මෝටර් රථය තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවෙකුගෙන් ද ලබන අගොස්තු මස 03 වැනිදා සාක්ෂි කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ  නියෝග කළ බව නීතීඥ අතුල එස්.රණගල මහතා වැඩිදුරටත් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 10:50