May 18, 2024

බෝඩිම් කාමරයක තිබී සරසවි සිසුවෙකුගේ මළ සිරුරක් හමුවේ

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකුගේ බවට සැකකරන මළ සිරුරක් ඊයේ (11) මොරටුව පොලීසියට හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ කටුබැද්ද ප්‍රදේශයේ සරසවි සිසුන්ට නවාතැන් පහසුකම් ලබාදෙන තැනක ඇඳක තිබී අදාළ සිරුර හමුවූ බවයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22හැවිරිදි මොහු කලක සිට කිසියම් සිත් තැවුලකින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) පානදුර රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 July 2016 10:40