May 17, 2024

ගෝඨාගෙන් ෆොන්සේකාට සැර පිළිතුරක් (VIDEO)

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන සෑම "මෝඩ කතාවකටම" ක්‍රියාමාර්ග ගැනීමට තමාට අවශ්‍යතාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

ඊයේ (09) පෙරවරුවේ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසූවේ ය.

මාධ්‍යවේදීන් විමසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඔහු විසින්ම එල්ල කරගන්නා ලද්දක් බවට හිටපු හමුදාපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුව තුළ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.

එම චෝදනාවට අනුව තමා සියළු ආරක්ෂකයින්ටත් හොරෙන් මරාගෙන මැරෙන පුද්ගලයෙකු පුහුණු කර, බෝම්බයක් සාදා එය ත්‍රීරෝද රියක අටවා පුපුරවා හැරිය යුතු බවත්, තම වෙඩි නොවදින BMW රථයට පවා දැරීමට නොහැකි තරම්වන කිලෝ 40ක පමණ බෝම්බයක් පුපුරවා ගැනීමෙන් තමන්ට කිසිවක් නොලැබෙන බවත්, එය හිටපු හමුදාපතිවරයෙකු ප්‍රකාශ කළ යුතු නැති තරම් "මෝඩ කතාවක් බවත්" රාජපක්ෂ මහතා අවධාරණය කළේ ය.

"මේ වගේ අය හමුදාපති කරපු අපිට තමයි ගහන්න ඕනේ" යනුවෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අවසානයේ දී පැවසුවේ ය.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 10 May 2016 16:09