May 10, 2024

සංගාගේ අවසන් තරගය පාසල් සිසුන්ට නොමිලේ

සිය අවසන් ටෙස්ට් තරග දෙකට ක්‍රීඩා කරන සුපිරි පිත්කරු කුමාර් සංගක්කාර ගාලු පිටියේ ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට හා පාසල් සිසුන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එම තරගය අගෝස්තු මස 12 වැනි දා ආරම්භවීමට නියමිතයි. මෙම අවස්ථාව හිමිකර ගැනීමට නම් පාසල් සිසුන් නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Rate this item
(0 votes)