May 21, 2024

ඥාණසාර හිමි, සංගා, මෛත්‍රී, මහින්ද හැමෝම ඉන්න, ඉරාජ්ගේ 'මනුසතා' මෙන්න (VIDEO)

ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න, ජාතික නිදහස් දිනයේ දී විශේෂ මියුසික් වීඩියෝවක් "මනුසතා" නමින් එළි දක්වා තිබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

මෙරට ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ සමාජයට පණිවිඩයක්දීමේ අරමුණින් නිපදවා ඇති මෙම ගීතයේ වීඩියෝවේ මෙරට ප්‍රබල චරිත කිහිපයකගේම දර්ශන ඇතුළත් වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෙරට ක්‍රිකට් සුපිරි තරුව කුමාර් සංගක්කාර සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි යන අය ඒ අතර සිටිති.

එමෙන්ම මෙරට සිදු වූ විවිධ සිදුවීම් ද එම වීඩියෝවට ඇතුළත් කර ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 February 2016 15:15