May 21, 2024

ජනපති සංගාගෙන් කළ ඉල්ලීම ගැන ක්‍රිකට් ලෝලීන්ගේ අදහස් මෙන්න (PHOTOS)

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද දින සිය ක්‍රිකට් දිවියට සමු දෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගෙන් ඉලා සිටියේය.
 
කෙසේ නමුත් එම තනතුර භාරගන්නවාද නැද්ද යන්න පිලිබඳ තමා අවසන් තීරණයකට එළඹ නැති බව සංගක්කාර මීට සුළු මොහොතකට පෙර පවතී මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමෙන් තමා මවිතයට පත් වූ බව පැවසූ සංගක්කාර ඔහු සමඟ වැඩි දුරටත් සාකච්ඡා කර තනතුර පිලිබඳ අවසන් තීරණයක් ගන්නා බව පවසා සිටියේ ය. 
 
ජනපතිවරයාගේ මේ ඉල්ලීම නිසා මවිතයට පත්වූවේ සංගක්කාර පමණක් නොවේ. ඔහුට ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ද ඉන් මවිතයට පත් වූ බව ඔවුන් සිය සමාජ ජාල ගිණුම් හරහා දැක්වූ අදහස්වලින් පැහැදිලි වේ.
 
මේ එසේ සමාජ ජාල හරහා පල වුණ අදහස් කිහිපයකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 August 2015 16:18