May 19, 2024

මුරලි වෙනුවෙන් සංගාගෙන් ට්විටර් පණිවිඩයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා පිළේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම පිළිබඳව එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩ පෙළක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිවෘදිය වෙනුවෙන් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නැයි ඉල්ලීමක් කළ හොත් මුරලි කිසිවිටෙකත් එය ප්‍රතික්ෂේප නොකරන බවත් ඔහු විසින් එය නොපැකිළ ඉටු කරනු ඇති බවත් කුමාර් සංගක්කාර එම පණිවිඩයේ පවසා තිබෙනවා.

මෙරට ක්‍රීඩකයෙකු මුරලිදරන් හමුවට ගොස් උපදෙස් ඉල්ලුවහොත් එයට අවැසි උපරිම කාලය ගෙන මුරලි තම උපදේශනය ලබා දෙන බවත් සංගක්කාර පවසනවා.

එමෙන්ම තමන් කැමති ඕනෑම පුද්ගලයකු පුහුණු කිරීමේ අයිතිය මුරලි සතුව පවතින බව යි කුමාර් සංගක්කාර අවධාරණය කරන්නේ.

තව ද මුරලිදරන් යනු ශ්‍රේෂ්ඨ ලාංකීය පුත්‍රයෙකු බව ද සංගක්කාර පවසා තිබෙනවා.

එම ට්විටර් පණිවිඩ පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 09:42