May 20, 2024

පේෂල පුතුට සලකන හැටි කියමින් පුර්ණිකා සංවේදී වෙයි

February 06, 2022

පේෂල කියලා කියන්නේ හොද හැකියාවක් තියෙන කෙනෙක්. දෙරණ නාලිකාවේ විකාශය වන චැම්පියන් ස්ටාර්ස් වැඩසටහනේ නිවේදන කටයුතු කරන්නේ පේෂල.

එම වැඩසටහනට එන ප්‍රේක්ෂකයන් නම් හිතේ චකිතයක් තියාගෙන තමයි ඒ වැඩසටහනට එන්නේ. ඒ පේෂල ඔවුන්ව බයිට් කරන නිසා.

කොහොම වුණත් ඒ වැඩසටහන බොහෝ දෙනෙක් නරඹන වැඩසටහනක් වෙලා තියෙන්නෙ.

ඉතින් පේෂල මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ දෙරණ නාලිකාවේම නිවේදිකාවක් වන පූර්ණිකා පීරිස් එක්ක. ඔවුන්ට මේ වෙනකොට දරුවන් දෙදෙනෙක් ඉන්නවා.

එක්නෙක් තමයි පූර්ණිකාගේ පලමු විවාහයේ දරුවා. ඔහු නමින් ආදිත්‍ය. පූර්ණිකාගේ සහ පේෂලගේ දරුවා තමයි අභිමන්‍යු.

ඉතින් ඔවුන් හතර දෙනා හරි ආදරෙන් ජීවත් වෙනවා කියලා නම් අපිට පේනවා. අපි එහෙම කියන්න හොදම උදාහරණයක් තමයි පේෂල සිය මුහුණුපොතට එකතු කරන වීඩියෝ.ඒ වීඩියෝ මගින් පේනවා ඔවුන් ඉතා සතුටෙන් ජීවත් වෙන විදිය.

දෙරණ නාලිකාවේ නිවේදිකාවක් වන පූර්ණිකා පීරිස් එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාව එක්වෙමින් සිය අදහස් දක්වා තිබුණා.

මේ වෙනකොට පූර්ණිකා දෙරණ නාලිකාවට සමු දීලා තියෙනවා. ඇය ගිය වසරේ ජූලි මාසයේ 31 වනදා තමයි මෙලෙස ඉවත් වී ඇත්තේ.

එම වැඩසටහනේදී පූර්ණිකා හරි අපූරු කතාවක් කියනවා. ඒ තම ආදරණීය සැමියා ගැන.

පේෂල පූර්ණිකාගේ පළමු විවාහයේ දරුවාට කිසිම වෙනසක් නැතුව සලකනවා කියන එක පූර්ණිකා හරි සතුටින් එහිදී ප්‍රකාශ කරනවා.

"අභිමන්‍යු මාස දහයක් විතර අපේ ජීවිතවලට ඇවිල්ලා. පේෂලට මම සීයට සීයක්ම ඒ ගෞරවය පුද කරනවා ආදිත්‍යට එයාගෙ තියෙන ආදරේට සහ එයා ආදිත්‍යට සලකන විදිහට. අදටත් මට හිතාගන්න බෑ අභිමන්‍යුට ඒ වගේ තැනක් තියෙයිද කියලා. මොකද අදටත් පේෂල එළවන්නෙ ආදිත්‍ය පස්සේ. කොහේ හරි ගමනක් යන්න හදනවා නම් පේෂල තමයි ආදිත්‍යව නාවලා කරලා ලෑස්ති කරන්නේ. අභිමන්‍යු ලෑස්ති කරන්නේ මම. ආදිත්‍යට පේෂල දෙන ආදරය අභිමන්‍යුට කොයි කාලේ හිමි වෙයිද කියලා මට හිතාගන්න බැහැ. මොකද ආදිත්‍යත් එක්ක එයාට මාර බැඳීමක් තියෙනවා. ඒක අභිමන්‍යු ආවා කියලා අභිමන්‍යුට විශේෂත්වයක් ඇත්තෙම නැහැ. ඒක අපේ පවුලේ අය වුනත් දකිනවා. පේෂලගේ මට දැනෙන විශේෂත්වයක් තියෙනවා ආදිත්‍ය ට. ඒක මං ඇයි කියන්න දන්නෑ එයා හැමතිස්සෙම ආදිත්‍යගේ වැඩපළ තමයි කරන්නේ." යනුවෙන් පූර්ණිකා එම වැඩසටහනට එක්වෙමින් ඉතාමත් නිහතමානීව අදහස් පළ කලේ එහෙමයි.

ඇය අවසානයේ පවසා සිටියේ ඇය මුහුණ දුන් ගැටලු සහගත තත්ත්වයන් එක්ක ඒ දේ ඇයට විශාල සහනයක් බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 February 2022 14:14