May 20, 2024

"මගේ හැම දේකටම සහයෝගය දක්වන්නේ ඔයා" - විවාහ සංවත්සරය දා පේෂල තැබූ සටහන

දෙරණේ පේෂල කීවම ඉතිං කවුද අද කාලේ නොදන්නෙ. ලංකාවේ ඉන්න දක්ෂම තබ්ලා වාදකයෙක් වුන පේෂල මනෝජ් පසුකාලීනව ඉරාජ් වීරරත්න සමග ගායනයටද ප්‍රවිෂ්ට වෙනවා. කාලයත් සමග වාදනය, ගායනය, විතරක් නෙමෙයි ඔහු දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද අපි හමුවට එනවා.

ඔබ අප කවුරුත් ආදරය කරන දෙරණ නාලිකාව හරහා විකාශය වන දෙරණ චැම්පියන් ස්ටාර් කියන්නේ. පේෂක ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ලෙසින් එම වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. සචිනි නිපුන්සලා සහ මාධව විජේසිංහ සමගින් ඔහු ජනතාවගේ නොමද ආදරය දිනා ගනිමින් එම වැඩසටහනට දායක වෙනවා.

මෑත කාලයේ දී පේෂල මනෝජ් විවාහ දිවියට ඇතුළත් වන්නේ අපි කවුරුත් හඳුනන තවත් චරිතයක් සමග. ඒත් දෙරණ මාධ්‍ය ජාලයේම කාලයක පටන් ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්ණිකා පීරිස් සමඟ. ඇයත් ඔබත් කවුරුත් ආදරය කරන නිවේදන ශිල්පිනියක්. ඉතින් එහෙම විවාහ වෙලා ටික කාලෙකට පස්සේ මේ දෙන්නා උතුම් මව් පිය පදවියත් ලැබුවා. පේෂල සහ පූර්ණිකාගේ විවාහ ජීවිතය ඉතා සතුටින් ගෙවන බවයි ඔවුන් පවසන්නේ.

මේ ආදරණීය යුවළගේ දෙවැනි විවාහ සංවත්සර දිනය අදට යෙදී තිබෙනවා. විවාහ සංවත්සර දිනය දා පේෂල හරි අපූරු සටහනක් තබමින් පූර්ණිකාට සුභ පැතුම් එක් කර තිබුණා .

ඒ මෙන්න මේ විදිහට,

Rate this item
(2 votes)