May 20, 2024

මගේ කට නිසා සංජානාට හානියක් වුණේ නෑ - පේෂල මනෝජ්

November 02, 2021

දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන නරඹන ඕන කෙනෙක් දන්නවා එහි වේදිකාව උඩ ඉන්න පේෂල මනෝජ් කියන්නෙ කොහොම චරිතයක්ද කියලා. හැබැයි ඒ චරිතයට පිටිපස්සෙන් ඔහු විවිධාකාර චරිත නිරූපණය කරනවා. විටෙක නිවේදකයෙක්, විටෙක සංගීත අධ්‍යක්ෂකවරයෙක්, විටෙක ගුරුවරයෙක් වගේම  පියෙක් සහ සැමියෙකුගේ වගකීමුත් නිරූපණය කරනවා.

පේෂල ඔහු පිළිබඳව සඳහන් කරන්නේ බොහොම සෘජු වගේම ආතල් චරිතයක් විදිහට. ක්ෂේත්‍රය ඇතුළෙ වගේම පෞද්ගලික ජීවිතය තුළත් සතුටින් ගත කරන පුද්ගලයෙක් තමයි ඔහු. පෞද්ගලික ජීවිතය පිළිබඳ කතා කරන විට ඔහුගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි. ඔහු මේ වන විට විවාහකයි. ජනප්‍රිය නිවේදිකා පූර්ණිකා පීරිස් වන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

May be an image of one or more people, people standing, car and outdoors

ඔහුගේ වෘත්තීයමය ජීවිතය ආරම්භ වෙන්නේ  විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙක් විදිහට. නමුත් මේ වන විට ඔහු එයින් ඉවත් වී සිටින බවයි ඔහු සඳහන් කරන්නේ. කොහොම වුණත් ගුරුවරයෙක් ලෙස නම් තවදුරටත් වැඩකටයුතු වල යෙදෙන බවත් ඔහු සඳහන් කරනවා. මේ දිනවල දෙරණ ආයතනයේ derana champion star වැඩසටහනේ නිවේදන කටයුතු සමඟ තමයි ඔහු බොහෝ විට රැඳෙන්නේ. ඊට අමතරව සංගීත ක්ෂේත්‍රයෙන් වැඩ කටයුතු වලටත් සම්බන්ධ වන බව පවසා සිටිනවා.

derana champion star වේදිකාව තුළ දී ආරාධිතයන් අපහසුතාවයට පත්වීම කියන කාරණාව අද සමාජයේ ගොඩක් කතා කරන දෙයක් බවටත් පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ පිළිබඳව පේෂල කියන දේ තමයි ලෝකෙ ගොඩක් වැඩසටහන් අනුව පැමිණෙන ආරාධිතයන් හැඩ ගැසෙනවා කියන කාරණාව. රංගන ශිල්පිනියක් වන සංජානාගේ BMW කතාවටත් පේෂල කියන්නේ ඇය සහභාගි වූ යම් වැඩසටහනකදී පේෂලට ඒ පිළිබඳව ස්තූති කරපු බවයි. මොකද ඒ තුළින් ඇය වැඩි ජනප්‍රියත්වයක් ලබා ගත්තා කියන  කාරණය ඔහු කියනවා.

May be an image of 1 person

පේෂල කියන්නේ සංගීත් නිපුන් සහ විශාරද කියන තත්ත්වයන් දෙකම තියෙන සංගීතවේදියෙක්. ඉතින් ඔහු කියන විදියට නම් මෙවැනි පට්ටම් නමට ඉස්සරහින් දාගෙන ලොකුකම් පාන්න ඕනේ නැහැ කියලා. මොකද ඒක එක්තරා විභාගයක් පමණයි. අද බොහෝවිට විශාරද විභාගය ලියන ඇතැම් අය කිසිම සංගීත වැඩකටයුතුකට සහභාගි වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ විභාගයෙන් සමත් වුණත් ඒ අදාළ හැකියාවන් සහ ක්ෂේත්‍රයේ නියැලීම කියන කාරණාව වැදගත් වන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒත් එක්කම පේෂල ඔහුගේ පිය පදවිය පිළිබඳ අත්දැකීම ඉදිරිපත් කරලා තිබුණා. එහිදී ඔහු කියන්නේ ආදිත්‍ය සහ ඔහුගේ ජීවිතය මේ වන විට බොහෝ සතුටින් ගෙවෙන බව. මොකද පිය කෙනෙකුගේ හැඟීම් ඔහුට දුන්නේ ආදිත්‍ය නිසාවෙන් ඒ පිළිබඳව අත්දැකීම් සහ ගතවෙන මොහොතවල් පිළිබඳව ආඩම්බරයක් දැනෙන විදිහට ඔහු කතා කරනවා.

May be an image of 2 people and indoor

Rate this item
(1 Vote)