May 20, 2024

ජනප්‍රිය නිළි සංජානා, පේෂල සමගින් යුගදිවියට? (PHOTOS)

දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන නරඹන ඕන කෙනෙක් දන්නවා එහි වේදිකාව උඩ ඉන්න පේෂල මනෝජ් කියන්නෙ කොහොම චරිතයක්ද කියලා. හැබැයි ඒ චරිතයට පිටිපස්සෙන් ඔහු විවිධාකාර චරිත නිරූපණය කරනවා. විටෙක නිවේදකයෙක්, විටෙක සංගීත අධ්‍යක්ෂකවරයෙක්, විටෙක ගුරුවරයෙක් වගේම  පියෙක් සහ සැමියෙකුගේ වගකීමුත් නිරූපණය කරනවා.

පේෂල ඔහු පිළිබඳව සඳහන් කරන්නේ බොහොම සෘජු වගේම ආතල් චරිතයක් විදිහට. ක්ෂේත්‍රය ඇතුළෙ වගේම පෞද්ගලික ජීවිතය තුළත් සතුටින් ගත කරන පුද්ගලයෙක් තමයි ඔහු. පෞද්ගලික ජීවිතය පිළිබඳ කතා කරන විට ඔහුගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි. ඔහු මේ වන විට විවාහකයි. ජනප්‍රිය නිවේදිකා පූර්ණිකා පීරිස් වන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

ඔහුගේ වෘත්තීයමය ජීවිතය ආරම්භ වෙන්නේ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙක් විදිහට. නමුත් මේ වන විට ඔහු එයින් ඉවත් වී සිටින බවයි ඔහු සඳහන් කරන්නේ. කොහොම වුණත් ගුරුවරයෙක් ලෙස නම් තවදුරටත් වැඩකටයුතුවල යෙදෙන බවත් ඔහු සඳහන් කරනවා. මේ දිනවල දෙරණ ආයතනයේ derana champion star වැඩසටහනේ නිවේදන කටයුතු සමඟ තමයි ඔහු බොහෝ විට රැඳෙන්නේ. ඊට අමතරව සංගීත ක්ෂේත්‍රයෙන් වැඩ කටයුතු වලටත් සම්බන්ධ වන බව පවසා සිටිනවා.

derana champion star වේදිකාව තුළ දී ආරාධිතයන් අපහසුතාවයට පත්වීම කියන කාරණාව අද සමාජයේ ගොඩක් කතා කරන දෙයක් බවටත් පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ පිළිබඳව පේෂල කියන දේ තමයි ලෝකෙ ගොඩක් වැඩසටහන් අනුව පැමිණෙන ආරාධිතයන් හැඩ ගැසෙනවා කියන කාරණාව.

පේෂලගේ නම කියනකොටම තව කෙනෙක් මතකයට එනවා. ඒ තමයි සංජානා ඔනාලි ගමාරච්චි. මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍යයක් තමයි ‘දිවිතුරා’ කියන්නෙ. ඉතින් දිවිතුරාහි රඟපාන ටීනා කියන චරිතය ඔබට මතක ඇති. මේ චරිතයට පණපොවන්නේ සංජානා. ඉතින් පසුගිය දවස්වල නම් ඇය පිළිබඳව බොහෝ කතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වුණා. කොහොම වුණත් ඒ සියල්ල සම සිතින් විඳ දරාගෙන බොහොම සාර්ථක ගමනක් රංගන ජීවිතය තුළ ඇය මේ වන විට යමින් සිටිනවා.

අවුරුදු කුමරියක් ලෙස කිරුළු පළඳින ඇය පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නට වරම් උදාකර ගන්නවා. ඉතින් ඒ සමගම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට රංගන හැකියාවන් ඔස්සේ වගේම ඇගේ රූප සම්පත්තිය නිසාත් ඇයට හැකියාව ලැබෙනවා.

නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කෙරෙන ඇය මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙනවා. පසුගිය දවස්වල BMW කතාවක් සමග ඇය ජනතාව අතර බොහෝ කතාබහට ලක්වුණා. කෙසේ වෙතත් ඇය නම් කියන්නේ එවැනි කතාවක් ඇය ප්‍රකාශ කළේ නැති බවයි.

ජනප්‍රිය ගායක නිවේදක පේෂල මනෝජ් සහ සංජානා පල්ලියක් තුල විවාහ වන ජායාරූප එකතුවක් මේ දිනවල සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා. පේෂල ආයේ විවාහ වෙලාද කියලත් හැමෝම අහලා තිබුනා. ඒත් ඇත්තටම මේක මියුසික් එකක් කියලයි අපිට නම් දැනගන්න ලැබුනේ. මේ දෙන්නගේ අලුත් වැඩක් කියලා තමයි මේක වාර්තා වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයින් තරමක් මවිත කල සිදුවීමක් බවට මෙය පත්වුනා.

creative focus photography විසින් තමයි මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකර ගෙන තිබුනේ.

එම ඡායාරූප පහතින්..

 

 

 

 

 

 

ggg 1

Rate this item
(1 Vote)