May 20, 2024

"මට හිතුනා මේ ඉන්නේ දෙරණේ පේෂල නෙවෙයි කියලා" - පුර්ණිකා විවාහය ගැන කියන කතාව

දෙරණේ පේෂල කීවම ඉතිං කවුද අද කාලේ නොදන්නෙ. ලංකාවේ ඉන්න දක්ෂම තබ්ලා වාදකයෙක් වුන පේෂල මනෝජ් පසුකාලීනව ඉරාජ් වීරරත්න සමග ගායනයටද ප්‍රවිෂ්ට වෙනවා. කාලයත් සමග වාදනය, ගායනය, විතරක් නෙමෙයි ඔහු දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද අපි හමුවට එනවා. ඔබ අප කවුරුත් ආදරය කරන දෙරණ නාලිකාව අර හා විකාශය වන දෙරණ චැම්පියන් ස්ටාර් කියන්නේ. පේෂක ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ලෙසින් එම වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. සචිනි නිපුන්සලා සහ මාධව විජේසිංහ සමගින් ඔහු ජනතාවගේ නොමද ආදරය දිනා ගනිමින් එම වැඩසටහනට දායක වෙනවා.

මෑත කාලයේ දී පේෂල මනෝජ් විවාහ දිවියට ඇතුළත් වන්නේ අපි කවුරුත් හඳුනන තවත් චරිතයක් සමග. ඒත් දෙරණ මාධ්‍ය ජාලයේම කාලයක පටන් ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්ණිකා පීරිස් සමඟ. ඇයත් ඔබත් කවුරුත් ආදරය කරන නිවේදන ශිල්පිනියක්. පේෂල සහ පූර්ණිකා ගේ විවාහ ජීවිතය ඉතා සතුටින් ගෙවන බවයි ඔවුන් අපිට පවසන්නේ.

May be an image of 3 people, people standing and indoor

කාලයක් දෙදෙනාම විවාහ ජීවිත වලින් ඈත් වෙලා තනිකඩ ජීවිත ගත කරපු දෙදෙනෙක්. නමුත් දෛවයේ සිදුවීමකට වගේ ඔවුන් දෙදෙනාගේ හමුවීම සිදු වුණා. මේ වෙනකොට පේෂල සහ පූර්ණිකා කියන යුවල සතුටින් ආදරෙන් කල්ගත කරන දෙපලක්. අලුතෙන් විවාහ ජීවිතයක් ආරම්භ කරපු පුංචි පැටව් දෙන්නෙක් එක්ක ජීවිතය රසබරව ගෙවා දමන ම ඒ ම ඒ යුවළගෙන් පුර්නිකා පිරිස් සම්බන්ධයෙන් අපි ඔබට කලිනුත් රසබර පුවත් ගෙන ආවා. ඇගේ විවාහ ජීවිතය ගැන අය අලුත්ම අදහස් පුවත්පතකට ප්‍රකාශ කර සිටියා.

පේෂල හමුවුණ ගැන විදිහ කියනවනම් පේෂල කියන්න ඉස්සර මගේ යාළුවෙක්. දෙරණ නාලිකාවේ ඉන්න නිවේදක නිවේදිකාවෝ අපි හැමෝම එක පවුලක් වගේ තමයි ඉන්නේ. පේෂලත් ඒ ගොන්නෙම තමයි. ඒත් අනිත් නිවේදකයෝ තරම් මට පේෂව ඒ තරම් මුනගැහුනෙ නැහැ. මට ඔහුව මුණගැහුණේ අවුරුදු වැඩ සටහන් කරනකොට, ඔය විශේෂ දේවල් කරනකොට අවුරුද්දකට වරක් දෙවරක් වගේ. වගේ මොනව හරි වැඩකදී හම්බුනාම අපි කතාබහ කරනවා. ඒ වගේ සාමාන්‍ය යාළුකමක් අපි දෙන්න අතර තිබුණා.පිස්සුද ජීවිතයේ එක එක කාල වලට එක එක ප්‍රශ්න එනවා. සමහර ප්‍රශ්නවලදී මිනිස්සු අපි දිහා බැලුවේ නරක විදිහට. ඒත් පේෂල කියන්නේ ඒ දිහා වෙනස් විදියකට බලපු කෙනෙක්. ඒකත් එක්ක පේෂලගේ විශේෂත්වයක් තියෙනවා කියලා මට දැණුනා. ඒත් මම ඒකට ලොකු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. මොකද ඒකට හේතුව මම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා. වගේම මට තිබ්බ ප්‍රශ්න සංකීර්ණ නිසා.

May be an image of 2 people, child and indoor

ඒත් පේෂල නිතර නිතර මම ගැන හොයලා බලද්දි, කතා කරද්දි මට තේරුණා ඒ ඉන්නේ දෙරණ ඇතුලෙ ඉන්න පේෂල නෙවෙයි කියලා. පේෂල කියන්නේ මම ගැන විතරක් නෙවෙයි, මගේ නෑදෑයෝ ගැන මගේ යාළුවෝ ගැන, වුනත් මොනවා හරි කරදරයක් උනහම හොයලා බලලා කටයුතු කරන චරිතයක්. වගේ මෙයා ගොඩක් දේවල් ගණන් ගන්න චරිතයක් නෙවෙයි. ඒ වගේ චරිතයක් එක්ක මට ජීවිතය පටන් ගන්න බැහැ.මොකද මට ජීවිතේ වැරදුණු තැන් වැඩි නිසා. මට මගේ ජීවිතේ ගැන ප්‍රශ්න තිබුණේ නැහැ. කනින් කොනින් මට වුන දේවල් ඇහෙද්දි පේෂල හිතන්න ඇති මට වැරදුනා කියලා. මොකද ඒ ගැන දන්න අයවත් මාව ඒ ගැන දැනුවත් කරේ නැහැ.

මම ඒ දේවල් තේරුම් අරගෙන මට පීඩනයක් වුනු දේවල් වලින් මම අයින් වුනා. පේෂළ හිතන්න ඇති මගේ වරදක් නෙවෙයි කියලා. එයාගේ හිතේ මම ගැන අදහසක් තියෙනවා කියලා මම ලඟින් ඉන්න ගොඩක් අය කිව්වත් මං ඒ ගැන ගොඩක් දුරට හිතන්න ගියේ නැහැ. ඒත් එයා කාලයක් තිස්සේ මගෙත් එක්ක යාලුවෙක් වගේ ඉඳලා අපේ අම්මලගෙන් හිමීට මම ගැන ඇහුවා. ඊට පස්සේ තමයි ඉතින් අපි දෙන්නා විවාහ වුණේ. ඒ වගේම කට්ටිය මම විවාහ අච්චරක් වුනා, මෙච්චරක් වුණා, කියලා එක එක කතා කිව්වා. සහන්ට කලින් මං විවාහයක් ගිවිසගෙන හිටියත් විවාහයකට අවතීර්ණ වෙන්න කාලයක් නොලැබුනේ සහන් සමග මගේ සම්බන්ධයක් තිබුණු නිසා.මේක මගේ තුන්වෙනි විවාහය තමා එක දැන් අති සාර්ථකයි.

May be an image of 2 people, child, people standing and indoor

මම මාස දෙකෙන් තුනෙන් කෙටි තීරණ ගත්තා. පසු කාලීනව මට තේරෙන්න ගත්ත ඒ ගත්ත තීරණ වැරදියි කියලා. කොහොම උනත් මම එකට පවුල් කාපු ජීවිතයක් තිබුණා. ඒකනේ මට ආදිත්‍ය පුතා ඉන්නේ. ඊට එහා මගේ කසාද ගාණ ගැන මිනිස්සු කියන ඒවා මම ගණන් ගන්නේ නැහැ. මමත් එක්ක ජීවත් වෙන කෙනා මම ගැන දැනගන්න එක ඇති කියලයි මම හිතන්නේ. මොකද ඔය එක එක කතා කියන මනුස්සයන්ගේ ජීවිතවල ආපස්සට හැරිලා බැලුවම විවාහ සහතික නැති වුණාට ඕනතරම් ලිවින් ටුගෙදර් සම්බන්ධ, ප්‍රේම සම්බන්ධ තිබිලා ඇති. ඒ නිසා මම කාත් එක්කවත් අනවශ්‍ය විදියට ගැටෙන්නේ නැහැ. මොකද මට ඒවට වෙලාවක් නෑ. අද වෙනකොට මම සාර්ථකයි. පුතාව හොඳ පාසලකට දාලා එයාට උගන්වනවා. ආදරණීය සැමියෙක් ලැබිලා ඉන්නවා. ඉතිං තවත් මොනවද.ඒ නිසා මගේ ලොකුම බලාපොරොත්තුව මේ ලැබිච්ච ජීවිතේ සතුටින් ගෙවලා දාන එක තමයි.කියන කතා ගැන හිත හිත දුක් විඳලා ගෙවන කාලය අපරාදේ කියලයි මම හිතන්නේ.

May be an image of 2 people and indoor

May be an image of 4 people, cake and indoor

May be an image of 5 people, people standing and indoor

Rate this item
(5 votes)
Last modified on Thursday, 21 October 2021 22:04