May 20, 2024

පේෂල සිය බිරිද සමගින් එක්ව පුංචි පුතුගේ මාස හයේ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

පේෂල මනෝජ් සහ පූර්නිකා පීරිස් කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් කලා යුවළකි. කොහොම නමුත් පේෂල කියන්නේ මෙරට සිටින දක්ෂ වාදකයෙකු වගේම දක්ෂ නිවේදිකයෙකි. ඒ වගේම තමයි ඔහුගේ බිරිඳ පූර්නිකාත් නිවේදිකාවක ලෙස ලංකාවේ ජනප්‍රියත්වයට පත් චරිතයක්. ඉතින් මේ යුවළ පිළිබඳ මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. කෙසේවෙතත් පේෂල ඔහුගේ බිරිඳ පූර්නිකා සමගින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා.

කොහොමහරි ඉතින් ඔවුන් දෙදෙනා ගැන කතා කරනවානම් පූර්නිකා කියල කියන්නේ මීට පෙර විවාහවෙලා හිටපු කෙනෙක්. ඒ වගේම ඇයට පළමු විවාහයේ පුතෙකු ඉන්නවා. ඔහු තමයි ආදී කියල කියන්නේ. ඉතින් මේ පුංචි ආදී පුතාත් ඉන්නේ පේෂලලා එක්කම තමයි.

ඇත්තම කියනවානම් මේ පුංචි ආදිටත් පියෙකු වෙමින් පේෂල රැකවරණය වගේම ආදරය ලබා දෙනවා. ඒ වගේම තමයි පේෂල කාලයක් ඉන්දියාවේ සිට සංගීතය හදාරන අතර ඔහු නැවත ලංකාවට පැමිණි පසුව ඔහු ඔහුගේම කියල සංගීත ගමනක් ආරම්භ කරන්නේ.

කොහොම නමුත් පේෂල සහ පූර්නිකා මෑතකදී උතුම් මව්පිය පදවිය ලබා ගන්නවා. ඒ මීට මාස කිහිපයකට පෙරදී ඔවුන් දෙදෙනාගේ පුතු අභිමන්යු මෙලොව එළිය දැකීමත් සමගයි. ඉතින් එලෙස අභිමන්යු පුතු උපත ලැබීමත් සමග ඔවුන්ගේ පුංචි කැදැල්ල තව තවත් ලස්සන වෙනවා.

කොහොම නමුත් මේ වෙද්දී අභිමන්යුට මාස 06ක්. ඉතින් සිය පුංචි පුතුගේ මාස හයේ උපන්දිනය සැමරීමට පේෂල සහ පුර්නිකා කටයුතු කර තිබුණා. ඒ පූර්නිකාගේ සහෝදරිය චතුරිකා සහ ඇගේ සැමියා ගයානුත් එකතුකර ගනිමිනුයි. ඊට ඔවුන් දෙදෙනාගේ ආරාධනා පුංචි දියණියත් එකතුවෙලා තිබුණා.

ඉතින් මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් ඔවුන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. 

May be an image of 3 people, people standing and indoor

May be an image of baby

May be an image of 1 person, child and indoor

May be an image of baby and bedroom

May be an image of baby and bedroom

May be an image of baby and bedroom

May be an image of 2 people, child and people standing

Rate this item
(4 votes)
Last modified on Tuesday, 05 October 2021 20:25