May 01, 2024

සෝ සුසුම් මැද ප්‍රියන්තගේ සිරුරු කොටස් නිවසට (PHOTOS)

December 07, 2021

පාකිස්තානයේදී ඉතාමත් අමානුෂික ආකාරයෙන් මරණයට පත් කළ ප්‍රියන්ත දියවඩන මහතාගේ දේහය ඊයේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර, රාත්‍රියේ ඔහුගේ නිවසෙහි තැන්පත් කෙරුණා.

ඒ, ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙසෙන ගනේමුල්ල - පොකුණ හන්දිය - කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පිහිටි නිවසේයි. 

දේහය පිළිබද අවසන් කටයුතු බදාදා දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය රැගත් යූ.එල්. 186 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පාකිස්තානයේ ලාහෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූයේ ඊයේ පස්වරු 5.05ට පමණයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 12:13

Related items