April 27, 2024

TikTok අභියෝගය කරන්න ගිය 13 හැවිරිදි දැරිය තමන්ටම ගිනි තබා ගනී (PHOTOS)

TikTok සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන අභියෝගයක් භාරගෙන එය අත්හදා බැලීමට ගිය 13 හැවිරිදි සිසුවියක් බරපතළ පිළිස්සුම් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ, පොර්ට්ලන්ඩ්වල ජීවත් දැරියක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

ඩෙස්ටිනි ක්‍රේන් නම් මෙම දැරිය විසින් ඇයගේ නිවසේ නාන කාමරය තුළ තිබූ දර්පණ මත ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයක් යොදාගෙන යම් දර්ශනයක් ඇඳ එය ගිනි තැබීමට ගත් උත්සාහය අසාර්ථක වී මෙලෙස ගිනි ගැනීමකට ලක්ව තිබේ. 

ඩෙස්ටිනිගේ නිවැසියන් විශ්වාස කරන්නේ ඇය එම දර්පණය ගිනි තැබීමත් සමඟ එය පුපුරා ගොස් ඇයට පිළිස්සුම් හානි සිදුවන්නට ඇති  බවයි. එම නාන කාමරයේ තිබී ඉටි පන්දමක්, මැත්පැන් බෝතලයක් සොයාගෙන තිබුණි.

දැරියගේ මව විසින් සිදුවීම ගැන කියා තිබුණේ මෙලෙසිනි,

"මම සාලයේ සිටියේ මගේ අම්මා සමඟ කතා කරමින්.. ඇය මගේ නම කෑගසනවා මට ඇහුණා... ඉතින් මම ගිහින් නාන කාමරයේ දොර ඇරියා.. ඩෙස්ටිනි ගිනි ගත්තා. නාන කාමරයේ දේවල් ගිනි ගනිමින් තිබුණා…”

ඇය සිය දියණියව වහාම නාන කාමරයේ පිටතට ඇදගෙන නිවස ඉදිරියට ගෙන ගොස් ඇයගේ ගින්න නිවීමට උත්සාහ දරා ඇති අතර අසල්වැසියන් එක්ව රෝහල් වෙත කතාකර තිබේ.

අනතුරින් ඩෙස්ටිනිගේ ගෙල ප්‍රදේශය අත්වලට පිළිස්සුම් හානි සිදුව තිබුණි. ඇයව ප්‍රතිකාර සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ අතර ඇයට කතා කිරීමට හැකියාවක් නොතිබුණු බවද වාර්තා වෙයි. ඇයට නැවත සම බද්ධ කිරීම සහ ඇයගේ පේශිවල ක්‍රියාකාරීත්වය යළි ඇති කිරීමට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීමට සිදුවනු ඇති බවද සඳහන්. 

ඩෙස්ටිනිගේ මව විසින් චෝදනා කර තිබුණේ සිය දියණිය ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ ජීවත් වූ බවයි. ගිනි ගන්නා අවස්ථාවේ එම සිදුවීම පවා ඇයගේ දුරකථනයේ පටිගත කරමින් තිබූ බවද මව සංවේදීව පවසා තිබුණි.

අනතුරට පත් ඩෙස්ටිනිගේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 31 May 2021 08:34