April 26, 2024

ෆොන්සේකාට යළිත් ආරක්ෂක අංශයේ ලොකු පුටුවක්

ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ පැවැති කැබිනට්  මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහා බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික තනතුරේ යළි පිහිටුවීමේ හැකියාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක් කෙරුණු බවත් අමාත්‍යවරයා පැවසී ය.  

ප්‍රධාන වශයෙන් අංශ කිහිපයක විනය ගොඩනැංවීම අරමුණු කර ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර ලබාදම කෙරෙහි අවධානය යොමුවී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි නව ඒකකයක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 27 April 2017 08:38