May 06, 2024

තමාගේ වැරදි සෙවීමට සුදුසුකම් ඇති අය ගැන ෆොන්සේකා කතා කරයි (VIDEO)

යම් පුද්ගලයෙකු තමාගේ අමාත්‍යංශය සහ තමන් නිරීක්ෂණය කරන්නේ නම් තමා ඊට කැමති නමුත් තමාව නිරීක්ෂණය කිරීමට තරම් සුදුසු පිරිසිදු මිනිසුන් ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කරගත් ඡාායා කැබිනට්ටුව තුළ නැති බවත්  ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (14) නිල වශයෙන් තම අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ,  ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කර ගනු ලැබූ ඡායා කැබිනටුවේ එක් පිරිසිදු පුද්ගලයෙකු තමාගේ අමාත්‍යංශයේ වැරදි සෙවීමට අවශ්‍ය බවත්, නමුත් තමාව නිරීක්ෂණය කිරීමට තරම් සුදුසු පිරිසිදු මිනිසුන් ඒ කල්ලියේ නොමැති බවත්ය.

එමෙන්ම එෆ් .සී. අයි.ඩී , හා  සී .අයි .ඩී.  පරීක්ෂණ සිදුවන වේගය පිළිබඳව සැහීමකට පත් විය නොහැකි බව ජනපතිට හා අගමැතිවරයාට තමා පැවසූ බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය  රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 July 2016 09:20