May 06, 2024

ලාල් කාන්තගෙන් ෆොන්සේකාට දෝස්මුරයක් (VIDEO)

මෙරට බිඳ වැටී ඇති ආර්ථිකය යළි ගොඩනඟා ගත හැක්කේ විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කරගතහොත් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (06) 'ණය බර, බදු බර හා බිඳවැටෙන ආර්ථිකය' තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි.

රටේ ආර්ථිකය කඩා වැටී ඇති අවස්ථාවක ප්‍රභූ වාහන ගෙන්වීම සඳහා විශාල ලෙස මුදල් වෙන් කිරීම සම්බන්ධව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශ පාලකයෙක්ට නොසුදුසු බව ද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

එහිදී මෙරට ආර්ථිකය රටේ ණය ගැනීම පිළිබඳව අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා, “ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගියා ජී 7 සමුළුවට. අපිට ඇවිල්ලා කිව්වා, ඔබාමා ළඟටම ඇවිල්ලා කතා කරා. මාර පිළිගැනීමක් තිබුණේ කියලා. ගංජා කියන්නේ හොඳ ඖෂධීය ශාකයක්. ටී. වී ඒකේ පෙන්නනවා හොඳට හැදිලා තියෙනවා. ඒවා ඔක්කොටම ගිනි තියනවා. ඒක කැපිසියුල් එකකට දාලා ඔබාමගේ කටේ ඔබන්න එපැයි. මිනිස්සුන්ට කංසා වවන්න කියලා රට පටවන්න පුළුවන්. ගල්කටස් එකක් හරි හදන කෙනෙක් ඉන්නවා නම් අදාළ අමුද්‍රව්‍ය ගෙනත් දීලා හදලා රට යවන්න”  යි කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දේශපාලනඥයින් පළමුව තම වරප්‍රසාද කප්පාදු කරගෙන හෝ ජනතාව සමඟ  එකතු වී ජාතික සැලැස්මක් ඇතිව කටයුතු කළ යුතු බවත් රටේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩ යා හැක්කේ පාලකයින් ජනතාව සමඟ එකට වැඩ කිරීමෙන් බවත් ය.

වීඩියෝව පහතින්.


Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 July 2016 14:09