May 06, 2024

ඇතැමුන්ගේ කෘති තුළින් යුද රහස්‌ හෙළිකරලා - යුද්ධය ගැන ෆොන්සේකාගෙන් පොතක්‌

September 13, 2016

සිවුවැනි ඊළාම් යුද්ධය පිළිබඳව තමාද ග්‍රන්ථයක්‌ ලියා පළකරන බව හිටපු හමුදාපති, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ඒ අනුව යුද්ධය නිර්මාණය වූ ආකාරය, එය කාලයත් සමඟ පෙරට පැමිණි ආකාරය, යුද්ධය විජයග්‍රහණයෙන් අවසන් කළ ආකාරය පිළිබඳව විස්‌තර තම කෘතියට ඇතුළත් කිරීමට නියමිත අතර ඊට අදාළ සැලසුම් මේ වන විට සටහන් කරමින් සිටින බව සරත් ෆොන්සේකා මහතා පැවසී ය. 

එම කෘතියට දේශපාලනය කිසිසේත් සම්බන්ධ කර නොගන්නා බවත්, 2017 වසරේ දී එය නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.

සිය කෘතිය තුළින් යුද්ධයේ සැබෑ මුහුණුවර හඳුනාගත හැකිවනු ඇති බවත් ඇතැමුන්ගේ කෘති තුළින් යුද රහස්‌ හෙළිකර ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 14 September 2016 12:12