May 06, 2024

'දැන් මගේ නායකයා රනිල්' - ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් (VIDEO)

අද දින සිට ඉදිරියට තමාගේ දේශපාලන නායකයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඔහු ඇතුළු පිරිසක් අද (30) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එජාප සාමාජිකත්වය ලබා ගැනීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා, තමා තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා‍ නොවුනද එම පක්ෂය විසුරුවා හැරීමක් සිදුනොවන බවයි.

ලබන 2020 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම අරමුණු කරගෙන තමා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බවද ඒ අනුව සිය පක්ෂයේ සාමාජිකයන් ඇතුළුව ප්‍රබලයන් සියලුදෙනා එජාපයේ සාමාජිකත්වය ලබාගත් බවද ඔහු පවසා සිටියේය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ තමාගේ ආරාධනය මත සරත් ෆොන්සේකා මහතා එජාපය සමග එක්වූ බවත් එම පක්ෂයේ සාමාජිකයන්ට දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් එක්සත් ජාතික පක්ෂයේ වගකීම් පවරන බවත් ය.

මෙහිදී සරත් ෆොන්සේකා මහතාට එජාප සාමාජිකත්වය පිරිනමනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා විසින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකයන්ට එජාප සාමාජිකත්වය පිරිනමනු ලැබීය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 June 2016 16:10