April 27, 2024

ලකුණක් නැතිවම සජිත් අලුත් සන්ධානයේ පක්ෂ අතර ගිවිසුම් අත්සන් කරන්න යයි

February 26, 2020

එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර සමගි ජනබලවේගය සන්ධානයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව එදිනට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට එකඟතාව පළ කළ සියලු පක්‍ෂ සමග ගිවිසුම්ගත වීමට නියමිත අතර ඒ වෙනුවෙන් මේ වනවිට සියලු පක්‍ෂ නායකයන්ට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳ මේ වනතුරු නිශ්චිත තීරණයකට පැමිණ නැතත්, සන්ධානයේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ පිළිබඳ සියලු පක්‍ෂ සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

සමගි ජන බලවේගය සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට විදේශ තානාපතිවරුන්, නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇති අතර එම උත්සවය සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27) සිට කැඳවීමට නියමිත බව වාර්තාවේ.

 

Rate this item
(0 votes)