April 27, 2024

ආරක්ෂිත ක්‍රම අනුව එජාප වැඩ අරඹන්න යයි

November 20, 2020

සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩකටයුතු  ආරම්භ කිරීමට තීරණය කෙරේ.               

කොවීඞ්  19 දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු රැසක් කල් දැමීමට තීරණය කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ  ජ්‍යෙෂ්ඨයින් සමග සූම් සහ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීමට පියවර ගනු ලැබීය.                                             

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෑම දිනකම පාහේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂ ක්‍රියාකාරීන් සමග අත්‍යවශ්‍යම කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේය.

Rate this item
(0 votes)