April 28, 2024

රනිල් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේ කැඳවයි 

September 06, 2016

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(06) පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ආර්ථික සංවර්ධන යෝජනාවලියට පක්ෂයේ අනුමැතිය ලබාගැනීම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ අරමුණ වී තිබේ.

මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 September 2016 16:35