May 01, 2024

ආණ්ඩුවේ බල අරගලක්: ජනපති - අගමැති අළුත් මෙහෙයුමක

December 20, 2016

ලබන මස මුලදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගියදා සාකච්ඡා පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යාංශ කිහිපයක ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් අතර පවතින බල අරගල අවසන් කෙරෙන අයුරින් මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. 

මහජනතාවගෙන්, මෙන්ම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන්ද රාජ්‍ය ඇමැතිවරුන්ගෙන්ද, ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව ලැබී ඇති පැමිණිලි පිළිබඳ රාජ්‍ය නායකයන් දෙදෙනා එහිදී දැඩි අවධානය යොමුකර ඇත.

එය කැබිනට් මණ්ඩලය ඇතුළු රජයේ පැවැත්මට බරපතළ බාධාවක් ඇති බව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නිගමනය වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වැනි වැදගත් කටයුත්තකට මුල පුරන ලබන වසර ආරම්භයේ ඊට ශක්තිමත් රජයක් ලෙස මුහුණදිය හැකි පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා වී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුගෙත් රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුගේත් කැබිනට් ඇමැතිවරුන් සිවු දෙනෙකුගෙත් විෂයයන් මාරු කිරීමටත් රාජ්‍ය ඇමැතිවරයකුට කැබිනට් ඇමැති ධුරයක් ලබාදීම කෙරෙහිත් රාජ්‍ය නායකයන් දෙදෙනා අවධානය යොමු කර ඇතැයිද වාර්තා වේ.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 December 2016 17:37