April 19, 2024

කැබිනට් සංශෝධනයෙන් ඒකාබද්ධයේ පිරිසකට ඇමැති ධුර

මෙවර මැයි දිනෙන් පසුව සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට නියෝජ්‍ය ඇමැති ධුර ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමග පැවැති ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයකින් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට එක්වීමේ එකඟතාවට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

කෙසේ වෙතත් පෙරේදා (20) පැවති මාධ්‍ය ආයතන ප‍්‍රධානින් හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ වෙසක් පෝයට පෙර කැබිනට් සංශෝධනයක් බලාපොරොත්තු විය හැකි බවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 April 2017 11:33