May 02, 2024

කසළ කළමනාකරණයට රටගිය නිලධාරීන් ගැන ජනපති වාර්තාවක්‌ ඉල්ලයි

කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්‍ෂණ කටයුතු සඳහා පසුගිය වසර පහක කාලය තුළ විදේශගත වූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක්‌ ලබා දෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ (25) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම නියෝගය කර ඇත.

මධ්‍යම රජයේත් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලත් නිලධාරීන් රැසක්‌ කසළ කළමනාකරණය පිළිබඳ පුහුණු සහ නිරීක්‍ෂණ කටයුතු සඳහා යෑයි කියමින් පසුගිය කාලය තුළ වරින් වර විදේශ සංචාරවල නිරත වී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරු, පළාත් සභා ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු රැසක්‌ද මෙම පිරිසට අයත් වෙති.

 

Rate this item
(0 votes)