May 01, 2024

රජයේ ආයතනවල ඉහළ තනතුරු රැසක ලඟදීම වෙනසක්

ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අද(20) පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ  අවස්ථාවේදී ය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එල්ල වන සියලූ චෝදනා වලට පිළිතුරු සපයමින් මේ වසරේදී නව ආර්ථික ප්‍රවේශයකට රජය සූදානම් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක විදේශ සංචිත සමඟ මේ වනවිට ආර්ථිකය ශක්තිමත් සහ නිවැරදි මාර්ගයට පිවිස ඇතැයි අවධාරණය කළේය. 

එමෙන්ම, විගණන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසී ය.

Rate this item
(0 votes)