April 28, 2024

ශ්‍රීලනිප - එජාප මහ ලේකම්වරු පක්ෂ වැඩවලට එකට හිඳගනී

September 06, 2016

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ(05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද සහභාගී වී සිටි බව එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙන්ම ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය සාර්ථක අයුරින් පැවැත්වීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී දුමින්ද දිසානායක මහතාට සුබපැතුම්ද එක්කර ඇති බව වාර්තා වේ. 

කාබනික පොහොර සඳහා ජනතාවගේ නැඹුරුතාවය පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුව තිබේ.

මේ අතර පසුගියදා කුරුණෑගල පැවති ශ්‍රීලනිප 65 වන පක්ෂ සංවත්ර සැමරුමට එජාප මහ ලේකම් කභිර් හසීම් මහතාද සහභාගී වී තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 06 September 2016 17:23