April 27, 2024

මහින්ද පිලේ පිරිසක් ශ්‍රීලනිප තනතුරු වලින් දොට්ට

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 17 දෙනෙකු අද (25) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත.

ඒ අනුව දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී  ඩබ්ලිව්.එම් යසමාන්න මහතා සහ දඹුල්ල වෙළඳ සංගමයේ  සභාපති යු.ආර්. දයානන්ද සිරි මහතා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ සිටිති.

ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු පාතදුම්බර ආසනයේ  නව සංවිධායක ලෙස පාතදුම්බර ප්‍රාදේශිය සභාවේ හිටපු  සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර මහතා පත්කර ඇත.

ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු  වු අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකි. 

මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර  විදානගම මහතා ඉන් ඉවත්කර ඒ වෙනුවට කේ.ජි.ගුණවර්ධන මහතා පත් කර ඇත.

මීට අමතරව දිස්ත්‍රිත් සංවිධායකවරු 13 දෙනෙක් ද පත් කරනු ලැබ සිටිති. නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක, ලින්ටන් විජේසිංහ යන මහත්වරු මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කරනු ලැබ සිටිති.

කුසුම්සිරි ආරියරත්න සහ සුසිල් ප්‍රේමරත්න යන මහත්වරු මාතලේ දිස්ත්‍රික්කයටද සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක, නික්ෂන් සුරියකුමාර් යන මහත්වරු රත්නපුර දිස්ත්‍රික්යට පත් කරනු ලැබ සිටිති. 

එස්.අගිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන් සහ කන්දසදාමි කරුණාකරන් යාපනයටද එන්.අරුණතිලගන් මුලතිව් දිස්ත්‍රික්යට ජනපති අතින් පත්වීම් ලබා ගත්හ.

 

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

ආසන සංවිධායක ධූරයන්

01- පාතදුම්බර ආසනය – ඩබ්.එම්.සමරජීව බණ්ඩාර වෙළගෙදර මහතා

02- දඹුල්ල ආසනය (සම) – ඩබ්.එම්. යසමාන මහතා / යූ.ආර්. දයා නන්දසිරි මහතා

03- මහියංගනය ආසනය – කේ.පී. ගුණවර්ධන මහතා

 

දිස්ති‍්‍රක් සංවිධායක ධූරයන්

මහනුවර දිස්ති‍්‍රක්කය සඳහා

01- නිශ්ශංක හේරත් මහතා

02- අසංක දොඩම්වල මහතා

03- අසේල ඒකනායක මහතා

04- ලින්ටන් විජේසිංහ මහතා

 

මාතලේ දිස්ති‍්‍රක්කය සඳහා

01- කුසුම්සිරි ආරියරත්න මහතා

02- සුසිල් පේ‍්‍රමරත්න මහතා

 

රත්නපුර දිස්ති‍්‍රක්කය සඳහා

01- සලිත කරුණාරත්න මහතා

02- ශාන්ත රත්නායක මහතා

03- නික්ෂන් සූරියකුමාර් මහතා

 

යාපනය දිස්ති‍්‍රක්කය සඳහා

01- එස්. අගිල්දාස් මහතා

02- බී.ගෝපාල් කි‍්‍රෂ්ණන් මහතා

03- කන්දසාමි කරුණාකරන් මහතා

 

මුලතිව් දිස්ති‍්‍රක්කය සඳහා

01- එන්. අරුණතිලගන් මහතා

 

Rate this item
(0 votes)