April 27, 2024

ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් - මෛත්‍රී අනතුරු අඟවයි

November 15, 2016

අලුත් පක්ෂයක් නිර්මාණය කළහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා කොළඹට කැදවා තිබූ ශ‍්‍රිලනිප සියලු ආසන හා දිස්ත‍්‍රික් නියෝජිතයින්ගේ හමුවේදීය. 

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ අලුත් පක්ෂයක් හැදුවොත් ජනවාරි 08 වැනිදාට වඩා ලොකු පෙරළියක් කිරීමට තමා සූදානම් බවත් එම පක්ෂය පිහිටවූදාට තමන්ගේ වැඩ බලා ගත හැකි බවත්ය.

සිය මැතිවරණ ආසනවලට ගොස් ඉදිරි මැතිවරණය සඳහා තම තමන්ගේ හැකියාවෙන් වැඩකටයුතු කරන ලෙසත්, එහිදී කවුරු සහභාගී නොවුණද තමන්ගේ වැඩ තමන් විසින්ම සිදු කරන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු ආසන සංවිධායකවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

තමාගේ ගමන් හෙමින් ගමනක් බවත් එනිසා ඉදිරියේදී පක්ෂය වෙනුවෙන් ගන්නා තීරණ ගැන බලා සිටින ලෙසත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 November 2016 13:57