April 19, 2024

පොහොට්ටුවේ රැස්වීමට ගිය SLFP මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග Featured

ශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

අදාළ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් සිදුකළ යුතු බවත්, ඉදිරි දිනවලදී මධ්‍යම කාරක සභාව රැස්වන බවත් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පුවත්පතකට සඳහන් කර ඇත.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ රැලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Last modified on Tuesday, 13 August 2019 10:29