April 27, 2024

ඒකාබද්ධය ඇතුලු සියලු මැති ඇමැතිවරුන්ට ශ්‍රීලනිපයෙන් විශේෂ තීරණයක් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණවලට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ සියලුම පාර්ලිමේන්තු සහ පළාත් සභා නියෝජනය කරන මැති ඇමතිවරුන්ට මෙවර මැයි රැළිය සඳහා සභාගීවන ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභාවේදී විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඊයේ(23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්විය.

මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැයි දිනය සම්බන්ධයෙන් වැඩිවශයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සන්ධානයෙන් මැතිවරණවලට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද මෙවර ශ්‍රීලනිප මැයි රැළියට ආරාධනා කිරීමට නියමිතය.

මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ පක්ෂ නායකත්වය කවුරුන් විසින් දැරුව ද නිදහස් පක්ෂ පාක්ෂිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් විය යුතු බවයි.

මේ වන විට සියලු දෙනා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සමඟ එක්ව ගමන් කරමින් කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)