May 06, 2024

ප්‍රභාකරන් මැරුවේ කාර්ය සාධක බලකායෙන් - ෆොන්සේකාගේ විශේෂ හෙළිදරව්ව

September 26, 2016

එල්ටිටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඩියර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට සේනාංකයක් බාර දුන්නේ තමා බවත් එය 2009 ජනවාරි සිට මාර්තු වනතෙක් මෙහෙය වූ බවත් පසුව එම සේනාංකයේ බලසේනා 3න් දෙකක් ආපසු වෙන්කර බ්‍රිගේඩියර් රවීප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් සෑදූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ප්‍රභාකරන්ට පහර දුන්නේ එම කාර්යා සාධක බලකාය විසින් බවද එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට වුවමනා විදිහට නොවන බවද ඔහු සඳහන් ‍කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරුද්ධව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංකයක් බාර දෙනු ලැබුවේද තමන් විසින් බව සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

ඔහු මේ බව අනාවරණ කර ඇත්තේ සති අන්ත ජාතික පුවත්පතක සංවාදයකට එක්වෙමිනි.

අවසන් සටනේදී ප්‍රභාකරන්ට පහරදී ප්‍රභාකරන්ගේ මලමිනිය සොයා ගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කර අණදීම සිදු කළේ බ්‍රිගේඩියර් රවීප්‍රිය යටතේ ඇති කාර්ය සාධක බලකා අට විසින් බවත් හෙතෙම පැවසී ය.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 26 September 2016 09:58