May 06, 2024

රනිල් හමුදා 2ක් එකට එකතු කරයි (VIDEO)

පසුගිය වසරේ ජනවාරි 08 වෙනිදා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් හමුදා දෙකක් එකතු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එජාප සාමාජිකත්වය ලබාගත් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කැලණිය ආසනයේ සංවිධායක ධුරයට ද පත්වීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, “ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉදිරියට යන පක්ෂයක්. ඒ ඉදිරියට යන පක්ෂයට අද නායකයෙකුත් ඒ නායකයගේ කණ්ඩායමත් එකතු වුණා. හමුදා දෙක මුණගැහුණා. වෙනදට අපි වෙනම ගිහිං එකට ගහනවා. අද අපි එකට ගිහිං එකට ගහනවා.” යැයි පැවසුවේය.

එම වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 July 2016 11:13